ඉන්දියාවේ කෝවිලක ළිං ආවරණයක් කඩා වැටී 35 දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කෝවිලක යාඥා කරමින් සිටියදී ළිඳකට වැටීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රහස්පතින්දා රාම් නවමි හින්දු උත්සවය සැමරීම සඳහා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙලේෂ්වර් මහාදේව් ජුලෙලාල් කෝවිලට බැතිමතුන් රැස්ව සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරෙන් පසු 18 දෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටිනවා.

තුවාල ලැබූ තවත් 16 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි සඳහන්.

පොලිසිය පැවසුවේ, මියගිය පිරිස ළිඳ මත තිබූ කොන්ක්‍රීට් ලෑල්ලක් මත සිටගෙන සිටියදී ඔවුන්ගේ බරට එය කඩා වැටී ඇති බව යි.

මෙම අනතුර පිළිබඳ තමා අතිශයින් වේදනාවට පත් වූ බව ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා.

බැතිමතුන්ගේ බර හේතුවෙන් කොන්ක්‍රීට් ලෑල්ල කඩා වැටුණු අතර මිනිසුන් අඩි 40ක් පමණ ගැඹුරු ළිඳට ඇද වැටී ඇතැයි සඳහන්.

මෙම දේවස්ථානයේ බලධාරීන් වසර ගණනාවකට පෙර ළිඳ භාවිත කිරීම නතර කර යකඩ ග්‍රිල් සහ උළු යොදා එය වසා තිබූ බව නිලධාරීන් පවසනවා.

එය අනාරක්ෂිත සහ අනවසර බැවින් ළිඳ වසා දමන ලෙසට නාගරික බලධාරීන් ජනවාරි මාසයේදී කෝවිල් හිමියන්ට නියෝග කළ ද එම අනතුරු ඇඟවීම නොසලකා හැර ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

හින්දු උත්සවය නිමිත්තෙන් ගිනි පෑගීමේ චාරිත්‍රයක් පැවැත්වීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් කෝවිලට පැමිණ සිටි බව සඳහන්.

දුර්වල ඉදිකිරීම් සහ නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා ගොඩනැගිලි කඩා වැටීම් ඉන්දියාවේ බහුලව දක්නට ලැබෙනවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වසර 100ක් පමණ පැරණි පාලමක් ගඟකට කඩා වැටී 132 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වුණා.

එය පසුගිය දශකය තුළ ඉන්දියාවේ සිදු වූ දරුණුතම අනතුරු වලින් එකක් ලෙසටයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22