ඉන්දියාවේ කෘෂිකාර්මාන්තයට AI මගින් කාලගුණ තොරතුරු

ඉන්දියානු කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය (AI) භාවිත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්මාන්තයේ අස්වනු ඵලදාව ලබා ගැනීම, අස්වනු අස්වැද්දීම ආදි කටයුතු සඳහා බෙහෙවින් බලපෑම් කරන කාලගුණ අනාවැකි ලබා ගැනීම සඳහා මෙම AI තාක්ෂණය භාවිත කිරීමට තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන කෘෂිකර්මාන්තයේ එරට ශ්‍රම බලකායෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් සේවයේ යොදවා එරට දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීම සිදු කරන්නක්.

කෙසේවෙතත්, දේශගුණික විපර්යාස හේතුවෙන් අනපේක්ෂිත කාලගුණික රටා, පාංශු සාරවත් බව අඩුවීම, පළිබෝධ ආසාදන සහ සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීම ඇතුළු අභියෝග රාශියකට මෙම අංශය මුහුණපාමින් සිටින හෙයින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මේ සඳහා එක් කිරීමට යෝජිතයි.

කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම ඉන්දියානු කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව, තිරසාරභාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා මෙම අභියෝගවලට මුහුණදීම සඳහා පරිවර්තනීය විසඳුම් ඉදිරිපත් කරනවා.

ඉන්දියාවේ කෘෂිකාර්මික නිමැවුම රටෙහි වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් සඳහා වග කියන මෝසම් මත දැඩි ලෙස රඳා පවතිනවා.

දේශගුණික විපර්යාස නිසා උග්‍ර වන අක්‍රමවත් කාලගුණ රටාවන් බොහෝ විට ගොවීන් අතර බෝග පාඩු හා ආර්ථික දුෂ්කරතා ඇති කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?