ඉන්දියාවේ කෘෂිකාර්මාන්තයට AI මගින් කාලගුණ තොරතුරු

ඉන්දියානු කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය (AI) භාවිත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්මාන්තයේ අස්වනු ඵලදාව ලබා ගැනීම, අස්වනු අස්වැද්දීම ආදි කටයුතු සඳහා බෙහෙවින් බලපෑම් කරන කාලගුණ අනාවැකි ලබා ගැනීම සඳහා මෙම AI තාක්ෂණය භාවිත කිරීමට තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන කෘෂිකර්මාන්තයේ එරට ශ්‍රම බලකායෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් සේවයේ යොදවා එරට දළ දේශීය නිෂ්පාදිතයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීම සිදු කරන්නක්.

කෙසේවෙතත්, දේශගුණික විපර්යාස හේතුවෙන් අනපේක්ෂිත කාලගුණික රටා, පාංශු සාරවත් බව අඩුවීම, පළිබෝධ ආසාදන සහ සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීම ඇතුළු අභියෝග රාශියකට මෙම අංශය මුහුණපාමින් සිටින හෙයින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මේ සඳහා එක් කිරීමට යෝජිතයි.

කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම ඉන්දියානු කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව, තිරසාරභාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා මෙම අභියෝගවලට මුහුණදීම සඳහා පරිවර්තනීය විසඳුම් ඉදිරිපත් කරනවා.

ඉන්දියාවේ කෘෂිකාර්මික නිමැවුම රටෙහි වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් සඳහා වග කියන මෝසම් මත දැඩි ලෙස රඳා පවතිනවා.

දේශගුණික විපර්යාස නිසා උග්‍ර වන අක්‍රමවත් කාලගුණ රටාවන් බොහෝ විට ගොවීන් අතර බෝග පාඩු හා ආර්ථික දුෂ්කරතා ඇති කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58