ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය අතර තුර ඕස්ට්‍රේලියානු නායකයා හදිසියේම මව්බිමට

ඉන්දියාව සමඟ මේ දිනවල පැවැත්වෙන තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගවලියෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් හදිසියේම ඉවත්ව සිය මව්රට බලා පිටත්ව ගොස් ඇති බව වර්තා වනවා.

සිය පවුලේ සාමාජිකයෙකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස යළි ඕස්ට්‍රේලියාව බලා පිටවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එළඹෙන මාර්තු 01 වනදා ඉන්දෝර් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට පෙර යළි ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ ද ඕස්ට්‍රේලියාවට දරුණු පරාජයක් වැළඳගන්නට ඊයේ (19) සිදු වුණා.

ඕස්ට්‍රේලියාවේ මෙම පරාජයත් සමඟ තරග 04කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?