ඉන්දියානු ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙරටට

අමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන ඩීසල් නෞකාවක් මේ වනවිට කොළඹ වරාය වෙත ළඟාවී තිබේ.

එහි ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු වෙයි.

ඒ අනුව එම නෞකාවෙන් මේ වනවිටත් ඉන්ධන ගොඩබෑම ආරම්භකර ඇති අතර ඉන්ධන බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බවද වාර්තා වෙයි.