ඉදිරි සතිවල දී කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

කොරෝනා ආසාදනය වීමෙන් මේ දිනවල මියයන පුද්ගලයින් ඉකුත් සති දෙක තුළ වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතවූවන් බවත්, ඉදිරි සතිවල දී කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

මේ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් විකෘති කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න චෝදනා කළා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාවලට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින් 11,573 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එහෙත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව එය සදහන් වී ඇත්තේ රෝගීන් 8908ක් බැවින් දත්තවල පරස්පරතා පවතින බවයි ඇය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම හැටන් – දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඇතුලුව 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානය සඳහා යොමුකර ඇති අතර, ඒ හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනි ව විශාල පිරිසක් සහභාගි කරගනිමින් බගවන්තලාව – ආරියපුර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් නතර කිරීමට සෞඛ්‍ය බලධාරින් අද (20) උදෑසන කටයුතු කරනු ලැබුවා.

ඒ සඳහා 100 කට ආසන්න පිරිසක් එක් ව සිට ඇති බවට යි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම විවාහ මංගල උත්සවය සඳහා අවසර ලබාගෙන ඇතත්, ඒ අනුව අවසර හිමි වී ඇත්තේ දෙපාර්ශවයේ සීමිත ඥාතීන් පිරිසක් සඳහා පමණයි.මේ අතර, පවතින කොරෝන තත්ත්වය හමුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ම දේවස්ථානවල පැවැත්වෙන පූජාවන් සඳහා බැතිමතුන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස මන්නාරම රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුසමන් සියලු ම දේවස්ථානවලට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?