ඖෂධ නොමැතිව රෝහල්වල පවතින අර්බුදය ඉදිරි සති දෙකේදී තවදුරටත් දැඩි වනු ඇතැයි රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පැවසීය. ඊයේ (12 වැනිදා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු ශල්‍ය උපකරණ හිඟය රෝහල් තුළ උග්‍ර වෙමින් පවතින අතර, ඒ හේතුවෙන් වෛද්‍යවරුන්ට කටයුතු කිරිමට සිදුව ඇත්තේ අතිශය බැරෑරුම් අවධියක බවත් රෝගී ජීවිත දැඩි අනතුරක පවතින බවත් එම සංගමය අවධාරණය කළේය.
ඇතැම් අවස්ථාවලදි රෝහල් තුළ විදුලිය විසන්ධි වීම හේතුවෙන් හදිසි සැත්කම් කිරිමේදි දැඩි බාධා එල්ලවි ඇති අතර, රෝහල් තුළට සපයා ඇති විදුලි ජනන යන්ත්‍ර ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරු සඳහන් කළහ.
මේ වනවිට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් සඳහා ඖෂධ වර්ග ආධාර වශයෙන් ලබා දෙන බවත් එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි බවත් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පැවසීය.
එමනිසා රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ රෝහල් පද්ධතිය කඩා වැටීමට නොදි අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබා දෙන ලෙසයි.




