ඉදිරි දෙසතියේ රජයේ රෝහල්වල සිදුවන්න යන දේ

ඖෂධ නොමැතිව රෝහල්වල පවතින අර්බුදය ඉදිරි සති දෙකේදී තවදුරටත් දැඩි වනු ඇතැයි රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පැවසීය. ඊයේ (12 වැනිදා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු ශල්‍ය උපකරණ හිඟය රෝහල් තුළ උග්‍ර වෙමින් පවතින අතර, ඒ හේතුවෙන් වෛද්‍යවරුන්ට කටයුතු කිරිමට සිදුව ඇත්තේ අතිශය බැරෑරුම් අවධියක බවත් රෝගී ජීවිත දැඩි අනතුරක පවතින බවත් එම සංගමය අවධාරණය කළේය.

ඇතැම් අවස්ථාවලදි රෝහල් තුළ විදුලිය විසන්ධි වීම හේතුවෙන් හදිසි සැත්කම් කිරිමේදි දැඩි බාධා එල්ලවි ඇති අතර, රෝහල් තුළට සපයා ඇති විදුලි ජනන යන්ත්‍ර ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරු සඳහන් කළහ.

මේ වනවිට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් සඳහා ඖෂධ වර්ග ආධාර වශයෙන් ලබා දෙන බවත් එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි බවත් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පැවසීය.
එමනිසා රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ රෝහල් පද්ධතිය කඩා වැටීමට නොදි අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබා දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04