ඉදිරියේදී පළාත් 05කට වැසි තත්වයේ වර්ධනයක්

උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු 01.00න් පසුව සුළු වැසි තත්වයක් හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (21) දිනයට අදාළව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද පස්වරු 01.00න් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඔවුන් පවසනවා.

තවද ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනාවැකි පළ කරනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවධානයෙන් කටයුතු කරන ලෙසට ඔවුන් වැඩිදුරටත් ජනතවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?