Empty Ad
AFC Banner
Empty Ad

ඉදිරියේදී අපේ රුපියල ශක්තිමත් වේවී – අජිත් නිවාඩ් කබ්‍රාල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 800ක මුදල සහ චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක ණය මුදල හරහා මෙරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩි දියුණු කෙරෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පවසනවා.

ඒ හරහා මෙරට අමෙරිකානු ඩොලර් සංචිත ශක්තිමත් වන බැවින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වනු ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

ඒ අනුව ආනයන සහ අපනයන කරුවන්ට සිය විදේශ වෙළෙඳ කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යා හැකි බවයි ඔහු පවසන්නේ.

මේ වන විට මෙරට ආර්ථිකය තුළ මතුව ඇති උග්‍ර අමෙරිකානු ඩොලර් හිගය හේතුවෙන් ආනයන කටයුතු සඳහා දැඩි දුෂ්කරතා මතුවී තිබෙනවා.

මේ හේතුවෙන් සුළුපරිමාණ ආනයන සඳහා යම් යම් සීමා පැනවුනු අතරම මෙරට විශාලතම ආනයනයන් වන ඛනිජ තෙල් ආනයන සඳහා මැදපෙරදිග රටවල් සමග දීර්ඝකාලීන ණය ගිවිසුම් කරා යොමු වීමටත් රජය මූලික වටයේ සාකච්ඡා දියත් කළා.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී මෙරට ආර්ථිකයට එක්වන මෙම අමෙරිකානු ඩොලර් ප්‍රමාණය හරහාද මෙරට අමෙරිකානු ඩොලර් සංචිත සඳහා ප්‍රමානවත් ශක්තියක් නොලැබෙන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?