ඉදිරියේදී අපේ රුපියල ශක්තිමත් වේවී – අජිත් නිවාඩ් කබ්‍රාල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 800ක මුදල සහ චීන සංවර්ධන බැංකුවෙන් මෙරටට ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක ණය මුදල හරහා මෙරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩි දියුණු කෙරෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් පවසනවා.

ඒ හරහා මෙරට අමෙරිකානු ඩොලර් සංචිත ශක්තිමත් වන බැවින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වනු ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

ඒ අනුව ආනයන සහ අපනයන කරුවන්ට සිය විදේශ වෙළෙඳ කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යා හැකි බවයි ඔහු පවසන්නේ.

මේ වන විට මෙරට ආර්ථිකය තුළ මතුව ඇති උග්‍ර අමෙරිකානු ඩොලර් හිගය හේතුවෙන් ආනයන කටයුතු සඳහා දැඩි දුෂ්කරතා මතුවී තිබෙනවා.

මේ හේතුවෙන් සුළුපරිමාණ ආනයන සඳහා යම් යම් සීමා පැනවුනු අතරම මෙරට විශාලතම ආනයනයන් වන ඛනිජ තෙල් ආනයන සඳහා මැදපෙරදිග රටවල් සමග දීර්ඝකාලීන ණය ගිවිසුම් කරා යොමු වීමටත් රජය මූලික වටයේ සාකච්ඡා දියත් කළා.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී මෙරට ආර්ථිකයට එක්වන මෙම අමෙරිකානු ඩොලර් ප්‍රමාණය හරහාද මෙරට අමෙරිකානු ඩොලර් සංචිත සඳහා ප්‍රමානවත් ශක්තියක් නොලැබෙන බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46