ඉදිකිරීම් අතහැර දැමූ කොළඹ ගොඩනැගිලි පවරා ගන්න – නාගරික සංවර්ධන හා නිවාස ඇමති(ඡායාරූප)

නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙසට නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පසුගියද‍ා (10) පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පෙන්වා දී තිබෙන්නේ ඉහළ වානිජ වටිනාකමක් සහිත කොළඹ ඉදිකිරීම් ආරම්භ කළ ක්‍රිෂ්, හයට් වැනි හෝටලවල ඉදිරිකිරීම් අතහැරදමා තිබීම විශාල අගතියක් බවයි.

එය සැලකිල්ලට ගනිමින් අදාළ ගොඩනැගිලි සම්බන්දයෙන් ගතහැකි ක්‍රියාමාර්ගය කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කරන ලෙසට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නා.

නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස මිලදී ගත් පුද්ගලයින්ගෙන් වාරික අයකර ගැනීමේදී දී පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන යම් සහනදායි පිළිවෙතක් අනුගමනය කරන ලෙසටද ඔහු අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.

MCC Urban Development Housing 20230310 13
MCC Urban Development Housing 20230310 11
MCC Urban Development Housing 20230310 7
MCC Urban Development Housing 20230310 6
MCC Urban Development Housing 20230310 9
MCC Urban Development Housing 20230310 10
MCC Urban Development Housing 20230310 5
MCC Urban Development Housing 20230310 2 1
MCC Urban Development Housing 20230310 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?