ඉතිහාසය පුරාවට ලොවම වසඟ කළ රූප රාජිණියන්

“මිස් වර්ල්ඩ්” කිරුළ කියන්නේ ලෝකයේ තියෙන පැරණිම රූප රාජිණීයන් තේරීමේ තරගය.

මුල්ම වරට මෙය ආරම්භ වුණේ 1951 වසරෙදි.

මෙම තරගාවලියට අනුග්‍රහය ලබාදී තිබුණේ  බ්‍රිතාන්‍ය වෙළඳ දැන්වීම් සමාගමක් වුණු එරික් මොර්ලේ නම් සමාගමයි.

සංවිධායකයන්ගේ තීරණය වෙලා තිබුණේ එක් වරක් පමණක් මෙය පැවැත්වීමටයි.

නමුත් මෙම තරගාවලියට හිමිවුණු විශාල ජනප්‍රියත්වය නිසා වාර්ෂිකව පවත්වන්න තීරණය කළා.

එදා සිට අද දක්වා රූප රාජිණියන් අතරින් ලොව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ සුන්දරියන් කිහිප දෙනෙකු ගැන ඔබට කියන්න අපි හිතුවා..

1.සුසානා ඩුජිම්, වෙනියුසිලාව.(1995)

සුසානා ඩුජිම්, ලෝක රූ රැජින කිරුළ හිමි කරගත්තේ 1995 වසරේදීයී. 

වෙනියුසිලාවට හිමි වූ පලමු ලෝක රූ රැජින කිරුළට සමත්කම් කියන්නට ඇය සමත් වුණා.

ඉන් පසුව ඇය රූපවාහිනී නිවේදිකාවක් ලෙස රැකියා ජීවිතය ආරම්භ කර තිබෙනවා.

2.පෙනලොප් කොලීන්, දකුණු අප්‍රිකාව.(1958)

ඇය සේවය කළේ ලේකම්වරියක් ලෙසයි.

අප්‍රිකාවේ පළමු රූ රැජිණ ලෙස ඇය කිරුළ දිනාගත්තා.

ඇයගේ සුන්දරත්වය නිසාම ඇයගේ නමින් රෝස මල් වර්ගයක්ද නම් කරනු ලැබුවා.

3.ඈන් සිඩ්නි, බිත්‍රාන්‍යය. (1964)

මහා බිතාන්‍යයේ ලෝක රූ රැජිණ කිරුළ දිනා ගත් දෙවන කාන්තාව මැයයි.. 

රූපවාහිණියේ විවිධ වැඩසටහන් වලට පෙනී සිටි ඇය රංගන ක්ෂේත්‍රයටද පිවිසියා.

4.මැඩ්ලින් හර්ටොග්-බෙල්, පේරු රාජ්‍යය.(1967)

මැඩ්ලින් උපත ලැබුවේ පේරු රාජ්‍යයේ.

ජයග්‍රහණයෙන් පසුව ඇය කාලය ගත කළේ පැරිස් නගරයේයී. 

5.ජෙනිෆර් හොස්ටෙන්, ග්‍රෙනෙඩා (1970)

ජෙනිෆර් ලෝක රූ රැජිණ තරගාවලියෙන් ජයග්‍රහණය කල පසු කැනඩාවේ ගුවන් සේවයක සේවය කිරීම ආරම්භ කළා.

කැනඩාවේදී උසස් අධ්‍යාපනය අවසන් කළ ඇය මානසික රෝග සදහා උපදේශණ සපයන වෘත්තීයවේදිනියක් බවට පත්වුණා..

6.සින්ඩි බ්‍රේක්ස්පියර්, ජැමෙයිකාව. ( 1976)

නිරූපණ ශිල්පිණියක් ලෙස කාලයක් කටයුතු කළ සින්ඩි බ්‍රේක්ස්පියර් සංගීතය හැදැරීම සදහා ඇයගේ තිබූ දැඩි උනන්දුව නිසා ඇය නිරූපණ වෘත්තීය අත් හරිනු ලැබුවා.

ලොව බිහිවූ සුප්‍රසිද්ධ රෙගේ ශිල්පියෙක් වන ඩේමියන් මාලේ ඇයගේ පුතෙක් වීම විශේෂත්වයක්.

7.සාරා-ජේන් හට්, එක්සත් ජනපදය ( 1983)

8.ලින්ඩා පෙටුර්ස්ටොටිර්, අයිස්ලන්තය (1988)

සුරූපි කාන්තාවක් මෙන්ම ඇය සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්ද වුණා.. 

ඇය පසු කාලයකදී ස්වයං චරිතාපදානයක්ද රචනා කරනු ලැබුවා. 

ඉන්පසුව 2015 වසරේදී ඇය නැවතත් ලෝක රූ රැජිණ තරගාවලියට සහභාගී වූ අතර ඒ වතාවේ කටයුතු කලේ ජූරී සභිකවරියක් ලෙසයි.

9.අයිශ්චර්යා රායි, ඉන්දියාව.(1994)

ජනප්‍රිය නිළියක් මෙන්ම නිරූපන ශිල්පිණියක් ලෙසද අයිශ්චර්යා රායි බොහෝ ජනප්‍රියත්වයට පත්වුණා.

එමෙන්ම අයිශ්චර්‍යා රායි ලෝරියල් නම් මිල අධික ආලේප වර්ගයේ තානාතිපතිනියද වෙනවා. ඉංග්‍රීසි, හින්දි,මරාති, දෙමළ සහ ටුලු යන භාශා පහම හොදින් හැසිරිවීමට ඇයට හැකියාව පවතිනවා.

10.ප්‍රියන්කා චොප්රා,ඉන්දියාව (2000)

ඇය දක්ෂ ගායිකාවක් මෙන්ම නිළියක්ද වනවා.

ඉන්දියාවේ සහ ඇමරිකාව තුල පරිත්‍යාගශීලී වැඩසටහන් බොහොමයකට ප්‍රියංකා චොප්රා දායකත්වයක් ලබා දෙනවා.

11.ඇස්‍රා අකින්, ටර්කිය. (2002)

ඇස්‍රා අකීන් බොහෝ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්, නිළියක් සහ නර්තන ශිල්පිනියක් වෙනවා. 

ඇය ටර්කි භාෂාව, ලන්දේසි භාෂාව සහ ඉංග්‍රීසී භාෂාව යන භාෂා ත්‍රිත්වයම මනා ලෙස හැසිරිවමීටද සමත් වෙනවා.

12.රොසෑනා ඩෙවිසන්. අයර්ලන්තය. ( 2003)

රොසෑනා ඩෙවිසන් ලේඛිකාවක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්, නිළීයක්, ගායිකාවක් ලෙසද කටයුතු කළා.. 

13.රොලේන් ස්ට්‍රෝස්, දකුණු අප්‍රිකාව. (2014)

දක්ෂ නිරූපණ ශිල්පිණියක් වුණු රොලේන්, දකුණු අප්‍රිකාවේ බිහි වූ තුන්වන ලෝක රැජිණ බවට පත්වුණා.

බටනලාව සහ ගිටාරය වාදනය කිරීමට හැකියාවක් දැක් වූ ඇය ගොල්ෆ් ක්‍රිඩාවටද සමත්කම් දැක්වූවා. 

HiruNews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28