AFC Banner
AFC Banner
Empty Ad

ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තාගත රේගු ආදායමක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් ට්‍රිලියන 01ක් ( බිලියන 1000ක) බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසරේ රේගු ආදායම ලෙස ට්‍රිලියන 1.5 ඉලක්කයක් නියම කර තිබෙනවා.

මෙම වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක (ට්‍රිලියන 01ක) ආදායම් ඉලක්ක ළගා කර ඇති බැවින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

මීට පෙර ඉතිහාසයේ ඉහළම රේගු ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේ බවත්, එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සමස්ත රේගු ආදායමින් 25% – 30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මත වන අතර, එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

පසුගිය වසර දෙකක කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ බොහෝ සාධනීය වෙනස්කම් වෙත ප්‍රවේශවීමට හැකි වූ බවත්, අලුත් ක්‍රමවේද හා තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාවලිය ඔස්සේ සියලු නිලධාරීන්ට ක්‍රියාත්මකවීමේ පහසුව ගොඩනැංවීමට හැකියාව ලැබී ඇති බවත් පහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?