ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තාගත රේගු ආදායමක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් ට්‍රිලියන 01ක් ( බිලියන 1000ක) බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසරේ රේගු ආදායම ලෙස ට්‍රිලියන 1.5 ඉලක්කයක් නියම කර තිබෙනවා.

මෙම වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක (ට්‍රිලියන 01ක) ආදායම් ඉලක්ක ළගා කර ඇති බැවින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

මීට පෙර ඉතිහාසයේ ඉහළම රේගු ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේ බවත්, එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සමස්ත රේගු ආදායමින් 25% – 30%ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය මත වන අතර, එම අගය මෙම වසරේ දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් 6%ටත් අඩු අගයක පවතින බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

පසුගිය වසර දෙකක කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ බොහෝ සාධනීය වෙනස්කම් වෙත ප්‍රවේශවීමට හැකි වූ බවත්, අලුත් ක්‍රමවේද හා තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාවලිය ඔස්සේ සියලු නිලධාරීන්ට ක්‍රියාත්මකවීමේ පහසුව ගොඩනැංවීමට හැකියාව ලැබී ඇති බවත් පහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49