ඉතාලිය ආසන්නයේ බෝට්ටු අනතුරකින් 41ක් ජීවිතක්ෂයට

ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී අනවසර සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 41 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ටියුනීසියාවේ ස්ෆැක්ස් සිට ඉතාලිය බලා යමින් සිටියදී මෙම යාත්‍රාව ගිලී ගිය බවයි එහි සිට දිවි ගලවා ගත් සිව් දෙනෙකු සහන කණ්ඩායම් වෙත ප්‍රකාශ කර ඇත්තේ.

දිවි ගලවා ගත් හතර දෙනා, අයිවරි කෝස්ට් සහ ගිනියා යන රටවලින් පැමිණි පිරිසක්.

පිරිමි තිදෙනෙකු සහ කාන්තාවක් වන ඔවුන් පැවසුවේ ළමයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අනතුරට පත්වූ බෝට්ටුවේ සිටි බවයි.

ඔවුන් පැවසුවේ අඩි 20ක් පමණ දිග බෝට්ටුව පසුගිය සතියේ බ්‍රහස්පතින්දා Sfax වෙතින් පිටත් වූ අතර විශාල රළකට හසුවීමෙන් එය ගිලී ගිය බවයි.

එහි ගමන් කළ පිරිස අතුරින් ජීවිතාරක්ෂක කබා පැළඳ සිට ඇත්තේ 15 දෙනකු පමණක් බව ද තොරතුරු ලැබී තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මගින් මෙම පිරිස බේරාගෙන පසුව ඉතාලි වෙරළාරක්ෂක යාත්‍රාවකට මාරු කර යවා ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට යන මෙවැනි අනවසර ගමන්වලදී මේ වසරේ මේ දක්වා කාලය තුළ 1800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ටියුනීසියානු බලධාරීන් පවසන්නේ ලැම්පෙඩුසා සිට සැතපුම් 80ක් (130km) පමණ දුරින් පිහිටි වරාය නගරයක් වන Sfax යුරෝපයේ ආරක්ෂාව සහ යහපත් ජීවිතයක් අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සඳහා ජනප්‍රිය ගමනාන්තයක් බවයි.

එලෙස පැමිණෙන පිරිස් අතරින් අනතුරට ලක්වූ 2000ක පමණ පිරිසක් ගතවූ දිනවලදී ඉතාලි මුර යාත්‍රා සහ සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබෙනවා.

ටියුනීසියාව තුළ පසුගිය මාස කිහිපය තුළ වර්ධනය වූ කළු අප්‍රිකානුවන්ට එරෙහි වර්ගවාදී ගැටුම් හේතුවෙන් මෙලෙස රට හැර යාමට උත්සාහ කිරීම වැඩි වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2014 වසරේ සිට මධ්‍යම මධ්‍යධරණී මුහුදේ මරණ සහ අතුරුදහන්වීම් 17,000කට වඩා ලියාපදිංචි කර ඇති අතර එය ලෝකයේ වඩාත්ම භයානක සංක්‍රමණික මාර්ගය බවට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
9
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27