AFC Banner
AFC Banner
Empty Ad

ඉතාලියේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලාංකික කාන්තාවක්

ඉතාලියේ පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉදිරිපත්ව සිටිනවා.

ඒ ඉතාලියේ ලොම්බර්දි (Lombardy) පළාත නියෝජනය කරමින්.

ධම්මිකා චන්ද්‍රසේකර නම් මෙම ලාංකික කාන්තාව ලොම්බර්දි පළාතේ විදේශීය ප්‍රජාව නියෝජනය කිරීම සඳහා අපේක්ෂකත්වය ලබාගෙන ඇත්තේ partito democratico පක්ෂයෙන්.

මෙවර ඉතාලියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ලොම්බර්දි පළාතේ ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලැබූ එකම අපේක්ෂිකාවයි.

දරුවන් තුන් දෙනෙකුගේ මවක් වන 57 හැවිරිදි ධම්මිකා චන්ද්‍රසේකරගේ උපන් ගම කඳාන ප්‍රදේශයයි.

සාමාන්‍ය පෙළ විභාගය දක්වා කඳාන ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයෙන් ද උසස් පෙළ විභාගය කඳාන මෙසිනොඩ් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හැදෑරූ ඇය ඉතාලියට පැමිණෙන්නේ 1984 වසරේදීයි.

මීට 38 වසරකට පෙර ඉතාලියට පැමිණෙන විට ඇයට වයස අවුරුදු 19ක්.

රෝමය, නාපොලි, වෙරෝනා, මිලානෝ නගරවල ජීවත් වෙමින් දුෂ්කර රැකියාවල නිරතව අධ්‍යාපනය හැදෑරූ ඇය සමාජ සේවා වෙනුවෙන් ද විශාල කැපවීමක් සිදුකර තිබෙනවා.

මිලානෝ නගරයේ වසර 6ක පමණ කාලයක් පුරා විදේශිකයන් වෙනුවෙන් කැපවී සිටින සමාජ සේවා ආයතනයක් වූ centro community dello sri lanka ආයතනයයි ධම්මිකා චන්ද්‍රසේකරගේ නම අපේක්ෂකත්වය සඳහා partito democratico පක්ෂය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලංකාවටද සහය දැක්වීම අපේක්ෂාව බවද ඇය පැවසුවා.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද ඉදිරියේදී තමන් පෙනි සිටින බවයි ධම්මිකා චන්ද්‍රසේකර වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?