ඉතාලියේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලාංකික කාන්තාවක්

ඉතාලියේ පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉදිරිපත්ව සිටිනවා.

ඒ ඉතාලියේ ලොම්බර්දි (Lombardy) පළාත නියෝජනය කරමින්.

ධම්මිකා චන්ද්‍රසේකර නම් මෙම ලාංකික කාන්තාව ලොම්බර්දි පළාතේ විදේශීය ප්‍රජාව නියෝජනය කිරීම සඳහා අපේක්ෂකත්වය ලබාගෙන ඇත්තේ partito democratico පක්ෂයෙන්.

මෙවර ඉතාලියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ලොම්බර්දි පළාතේ ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලැබූ එකම අපේක්ෂිකාවයි.

දරුවන් තුන් දෙනෙකුගේ මවක් වන 57 හැවිරිදි ධම්මිකා චන්ද්‍රසේකරගේ උපන් ගම කඳාන ප්‍රදේශයයි.

සාමාන්‍ය පෙළ විභාගය දක්වා කඳාන ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයෙන් ද උසස් පෙළ විභාගය කඳාන මෙසිනොඩ් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හැදෑරූ ඇය ඉතාලියට පැමිණෙන්නේ 1984 වසරේදීයි.

මීට 38 වසරකට පෙර ඉතාලියට පැමිණෙන විට ඇයට වයස අවුරුදු 19ක්.

රෝමය, නාපොලි, වෙරෝනා, මිලානෝ නගරවල ජීවත් වෙමින් දුෂ්කර රැකියාවල නිරතව අධ්‍යාපනය හැදෑරූ ඇය සමාජ සේවා වෙනුවෙන් ද විශාල කැපවීමක් සිදුකර තිබෙනවා.

මිලානෝ නගරයේ වසර 6ක පමණ කාලයක් පුරා විදේශිකයන් වෙනුවෙන් කැපවී සිටින සමාජ සේවා ආයතනයක් වූ centro community dello sri lanka ආයතනයයි ධම්මිකා චන්ද්‍රසේකරගේ නම අපේක්ෂකත්වය සඳහා partito democratico පක්ෂය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලංකාවටද සහය දැක්වීම අපේක්ෂාව බවද ඇය පැවසුවා.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද ඉදිරියේදී තමන් පෙනි සිටින බවයි ධම්මිකා චන්ද්‍රසේකර වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30