ඉඩම් අලෙවි ආයතනයක වංචාවක් නිසා ඉඩම් මිලදී ගත් පිරිස අසරණ වෙයි

ඉඩම් කැබලි කර විකුණන පෞද්ගලික ආයතනයක් මගින් සිදු කළ වංචනික ක්‍රියාවක් හේතුවෙන් එම ඉඩම් මිල දී ගත් ගණුදෙනුකරුවන් රැසක් මේ වනවිට දැඩි අසරණතාවකට පත්ව ඇති තොරතුරක් දසත නිව්ස් වෙත වාර්තාවනවා.

අදාල ආයතනයෙන් කුරුණෑගල කුදුම්බුව ප්‍රදේශයේ කොටස් කර විකුණා තිබු ඉඩමකට ඊයේ පැමිණි පෞද්ගලික බැංකුවක නිලධාරීන් පිරිසක් පවසා තිබුනේ අදාල ඉඩම බැංකුවට සින්න වී ඇති ඉඩමක් බවයි.

කුරුණෑගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් NMS ඩිවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් යන නමින් අදාල ඉඩම් කොටස් කර විකුණන ආයතනය පවත්වාගෙන ගොස් තිබුනා.

කුරුණෑගල – මතව, දම්බොක්ක, කුදුම්බුව ආදී ප්‍රදේශවල ඉඩම් කොටස් විකිණීමට ඇති බව පවසා අදාල ආයතනය විසින් ආකර්ශනීය දැන්වීම් ද පළ කර තිබුණා.

තමාගේ නමට ඉඩමක් වෙන්කරවා ගෙන සිය නිවාස සිහිනය සැබෑ කර ගැනීමේ අරමුනින් බොහෝ පිරිසක් දහසක් බලාපොරොත්තු දල්වා ගෙන මෙම ආයතනයෙන් ඉඩම් කොටස් වෙන් කර ගෙන තිබුනා.

ඒ සදහා ගණුදෙනුකරුවන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ද ගෙවා තිබෙනවා.

ඇතැම් ඉඩම්වල ගණුදෙනුකරුවන් විසින් මෙලෙස සිය නිවාස ද ඉදිකර තිබුනා. කෙසේ වෙතත් ඉඩම් ලබාගත් ගණුදෙනුකරුවන්ට දෙවියන් සිහිවන්නේ ඊයේ හදිසියේම මෙම ඉඩම වෙත පෞද්ගලික බැංකුවක නිලධාරීන් පිරිසක් පැමිණීමත් සමගයි.

ඔවුන් ජනතාවට දැනුම් දී තිබුනේ ඉඩම් ආයතන හිමිකරු විසින් සිය බැංකුවට කුදුම්බුව ප්‍රදේශයේ කොටස් කර විකුණු මෙම ඉඩම උකස් කර ලබාගත් ණය නොගෙවීම හේතුවෙන් අදාල ඉඩම බැංකුවට සින්න වී ඇති බවයි.

ඉඩම් විකුණු ආයතනය විසින් විකුණා තිබු ඉඩම්වලට ලබා දී තිබු ඔප්පුවල අදාල ඉඩම බැංකුවට උකස් කර ඇති බව දක්වා තිබීම අනිවාර්ය කරුණක් වුවත් වංචනිකව ඒය ඔප්පුවල සටහන් කර නොමැති බව ද මෙහිදී හෙලි වුණා.

මෙලෙස ගණුදෙනුකරුවන්ට සිදුකර ඇති වංචාව සම්බන්ධයෙන් අදාල ආයතනයෙන් විමසීම් සදහා අප දැන්වීම් පුවරුවල සදහන් දුරකථන අංකවලට ඇමතුම් ලබාගත් අවස්ථාවේ ඒවා විසන්ධි කර ඇති බවටයි ප්‍රකාශ වූයේ.

ගණුදෙනුකරුවන් අදාල ආයතනයට විරුද්ධව ඉදිරිපත් කළ පැමිණිලි පවා කුරුණෑගල පොලිසියෙන් ඉවත් කර ගන්නා ලෙස බල කළ බවට මෙහි සිටි පිරිස් චෝදනා කරා.

මෙම ඉඩම් විකුණුම්කරුට ජනතාවගේ මුදල් මෙලෙස වංචා කර නිදැල්ලේ හැසිරිය හැකි ද ?

ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන බලධාරීන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් දසත නිවුස් අවධානයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?