ඉඩම් අලෙවි ආයතනයක වංචාවක් නිසා ඉඩම් මිලදී ගත් පිරිස අසරණ වෙයි

ඉඩම් කැබලි කර විකුණන පෞද්ගලික ආයතනයක් මගින් සිදු කළ වංචනික ක්‍රියාවක් හේතුවෙන් එම ඉඩම් මිල දී ගත් ගණුදෙනුකරුවන් රැසක් මේ වනවිට දැඩි අසරණතාවකට පත්ව ඇති තොරතුරක් දසත නිව්ස් වෙත වාර්තාවනවා.

අදාල ආයතනයෙන් කුරුණෑගල කුදුම්බුව ප්‍රදේශයේ කොටස් කර විකුණා තිබු ඉඩමකට ඊයේ පැමිණි පෞද්ගලික බැංකුවක නිලධාරීන් පිරිසක් පවසා තිබුනේ අදාල ඉඩම බැංකුවට සින්න වී ඇති ඉඩමක් බවයි.

කුරුණෑගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් NMS ඩිවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් යන නමින් අදාල ඉඩම් කොටස් කර විකුණන ආයතනය පවත්වාගෙන ගොස් තිබුනා.

කුරුණෑගල – මතව, දම්බොක්ක, කුදුම්බුව ආදී ප්‍රදේශවල ඉඩම් කොටස් විකිණීමට ඇති බව පවසා අදාල ආයතනය විසින් ආකර්ශනීය දැන්වීම් ද පළ කර තිබුණා.

තමාගේ නමට ඉඩමක් වෙන්කරවා ගෙන සිය නිවාස සිහිනය සැබෑ කර ගැනීමේ අරමුනින් බොහෝ පිරිසක් දහසක් බලාපොරොත්තු දල්වා ගෙන මෙම ආයතනයෙන් ඉඩම් කොටස් වෙන් කර ගෙන තිබුනා.

ඒ සදහා ගණුදෙනුකරුවන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ද ගෙවා තිබෙනවා.

ඇතැම් ඉඩම්වල ගණුදෙනුකරුවන් විසින් මෙලෙස සිය නිවාස ද ඉදිකර තිබුනා. කෙසේ වෙතත් ඉඩම් ලබාගත් ගණුදෙනුකරුවන්ට දෙවියන් සිහිවන්නේ ඊයේ හදිසියේම මෙම ඉඩම වෙත පෞද්ගලික බැංකුවක නිලධාරීන් පිරිසක් පැමිණීමත් සමගයි.

ඔවුන් ජනතාවට දැනුම් දී තිබුනේ ඉඩම් ආයතන හිමිකරු විසින් සිය බැංකුවට කුදුම්බුව ප්‍රදේශයේ කොටස් කර විකුණු මෙම ඉඩම උකස් කර ලබාගත් ණය නොගෙවීම හේතුවෙන් අදාල ඉඩම බැංකුවට සින්න වී ඇති බවයි.

ඉඩම් විකුණු ආයතනය විසින් විකුණා තිබු ඉඩම්වලට ලබා දී තිබු ඔප්පුවල අදාල ඉඩම බැංකුවට උකස් කර ඇති බව දක්වා තිබීම අනිවාර්ය කරුණක් වුවත් වංචනිකව ඒය ඔප්පුවල සටහන් කර නොමැති බව ද මෙහිදී හෙලි වුණා.

මෙලෙස ගණුදෙනුකරුවන්ට සිදුකර ඇති වංචාව සම්බන්ධයෙන් අදාල ආයතනයෙන් විමසීම් සදහා අප දැන්වීම් පුවරුවල සදහන් දුරකථන අංකවලට ඇමතුම් ලබාගත් අවස්ථාවේ ඒවා විසන්ධි කර ඇති බවටයි ප්‍රකාශ වූයේ.

ගණුදෙනුකරුවන් අදාල ආයතනයට විරුද්ධව ඉදිරිපත් කළ පැමිණිලි පවා කුරුණෑගල පොලිසියෙන් ඉවත් කර ගන්නා ලෙස බල කළ බවට මෙහි සිටි පිරිස් චෝදනා කරා.

මෙම ඉඩම් විකුණුම්කරුට ජනතාවගේ මුදල් මෙලෙස වංචා කර නිදැල්ලේ හැසිරිය හැකි ද ?

ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවන බලධාරීන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් දසත නිවුස් අවධානයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12