ඉටි පන්දම් එළියෙන් වැඩ කරන රෝහල

විදුලිය විසන්ධි වීම් සිදු වන අවස්ථාවල විදුලිය ලබා ගැනීම සඳහා විදුලි ජනක යන්ත්‍රයක් නොමැති වීම හේතුවෙන් බණ්ඩාරවෙල දිසා රෝහලේ රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයද මහත් අපහසුතාවට පත්ව සිටිනවා.

බණ්ඩාරවෙල දිසා රෝහලේ කොටසක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති අතර ඊයේ (06) විදුලිය විසන්ධි වූ අවස්ථාවේ සියලුම රෝගීන්ට ඉටි පන්දම් එළියෙන් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට සිදු වුණා.

හෘදයාබාදයක් සහිත රෝගියෙකුටද ඊයේ වෛද්‍යවරුන් විදුලි පන්දම් එළියෙන් ප්‍රතිකාර කර දියතලාව මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?