ඉක්වදෝර ජනාධිපති ඩැනියෙල් නොබෝවා ගමන් ගත් මෝටර් රථයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරොධතාකරුවන් පිරිසක් ඔහු ගමන් ගත් මොටර් රථ වටකර එම ප්‍රහාර එල්ල කළ බවයි.
මෙම සිද්ධියේ දී පුද්ගලයින් පස්දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඩීසල් සහනාධාර ඉවත් කිරීමට ඩැනියෙල් නොබෝවා රජය ගත් තීරණයත් සමඟ මීට සති දෙකකට පමණ පෙර එරට තුළ විරොධතා ආරම්භ වුණා.
ජනාධිපතිවරයා කන්යාර් පළාතේ පැවති උත්සවයකට සහභගීවීමට යන අවස්ථාවේ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1















