ඉංජිනේරු උපාධිධාරියා ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් පිළ අයි.පී.එල්. කිරුළට ලංකරයි

2023 අයි.පී.පී.එල්. තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් අති විශිෂ්ඨ ජයක් ලබන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ සමත් වුණා.

ඒ, චෙන්නායි හි එම්.ඒ. චිදම්බරන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 81කින් පරාජය කරමින්.

මුම්බායි වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් මද්වාල්ගේ අති විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලක්නව් කණ්ඩායමට අන්ත පරාජයක් හිමිකර දීමට මුම්බායි කණ්ඩායමට මෙම තරගයේ දී හැකියාව ලැබුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ මුම්බායි නායක රෝහිත් ශර්මා දෙවරක් නොසිතාම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එම තීරණයට ප්‍රබල පිළිතුරක් සපයන්නට ලක්නව් පන්දු යවන්නන් සමත් වුණේ මුම්බායි පළමු කඩුලු දෙක ලකුණු 30ක් තුළ දවාගනිමින්.

කෙසේ වෙතත ආරම්භයේ දී කඩා වැටුණු මුම්බායි ඉනිමට තරමක ජීවයක් එක් කරන්නට කැමරන් ග්‍රීන් සහ සූර්ය කුමාර් යාදෙව් සමත් වුණේ පිළිවෙලින් ලකුණු 41ක් සහ 33ක් රැස්කරමින්.

මුම්බායි ඉනිම අවසන් භාගයේ දී වේගවත් පිතිහරඹයක් ක්‍රියාත්මක කළ නේහාල් වාධේරා තම කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 182ක් දක්වා ඉහළට ඔසවා තබන්නට සමත් වුණා.

ඒ අනුව මුම්බායි ලකුණු පුවරුව අවසානයේ දැක්වුණේ කඩුලු අටකට ලකුණු 182ක් ලෙසටයි.

පන්දු යැවීමේ දී නවීන් උල්හක් කඩුලු 04ක් සහ යශ් තාකූර් මුම්බායි ඉනිමේ කඩුලු 03ක් බැගින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 183ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 101කට සීමා කරන්නට මුම්බායි පන්දු යවනනන් සමත් වුණා.

මෙහිදී ලක්නව් ඉනිම සුණු විසුණු කළ ආකාශ් මද්වාල් මෙවර තරගාවලියේ පන්දු යවනනෙක් වාර්තා කළ හොදම පන්දු යැවීම වාර්තා කරමින් සිය කණ්ඩායමට ජය ගෙන ඒමට මාවත සැකසුවා.

එහිදී ආකාශ් පන්දුවාර තුනයි පන්දු 03ක් තුළ ලකුණු පහකට කඩුලු 05ක් බිද දැමුවා.

ඊට අමතරව පියුශ් චවුලා සහ ක්‍රිස් ජෝර්ඩන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලක්නව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මාකස් ස්ටොයිනිස් ලකුණු 40ක් රැස්කළ අතර, අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව ලක්නව් සියලු පිතිකරුවන් පන්දු වාර 16යි පන්දු තුනක් තුළ ලකුණු 101කට දැවී ගියා.

ඒ අනුව මුම්බායි පිළ මෙම තරගය ලකුණු 81කින් ජය ගනිමින් තුනවන අවසන් පූර්ව තරගය සදහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගයේ වීරයා ලෙස කඩුලු 05ක් ලකුණු පහක් තුළ බිද දැමූ ආකාශ් මද්වාල් සම්මාන දිනාගත් අතර, ආකාශ් ඉංජිනේරු උපාධිධාරියෙක් වනවා.

මේ අතර 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අවසන් පූර්ව තරගය අනිද්දා (26) අහමදාබාද් හිදී පැවත් වෙන්නේ ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අතරයි.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම සමග ලබන ඉරිදා (28) පැවැත්වෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
5
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?