ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සටන් විරාමයකට එකඟවෙයි

දෝහාහි පැවති සාම සාකච්ඡාවලින් පසු ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය වහාම සටන් විරාමයකට එකඟ වී ඇති බව වාර්තා වනවා.

කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් ඊයේ (18) පැවති සාකච්ඡා වටයකදී මෙම ගිවිසුමට එළඹුණු බව කටාර් විදේශ අමාත්‍යාංශය පැවසුවා.

සටන් විරාමයේ තිරසාරභාවය සහතික කිරීම සහ එය විශ්වාසදායක සහ තිරසාර ආකාරයකින් ක්‍රියාත්මක කිරීම සත්‍යාපනය කිරීම සඳහා පසු විපරම් රැස්වීම් පැවැත්වීමට ද දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා.

දෝහාහි පවති මෙම සාකච්ඡාවල දී ඇෆ්ගනිස්ථානය පාර්ශවයේ ප්‍රධානියා ලෙස ආරක්ෂක අමාත්‍ය මුල්ලා මුහම්මද් යාකොබ් කටයුතු කළ අතර, පාකිස්ථාන විදේශ කාර්යාලය පැවසුවේ ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් තම පාර්ශවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?