ඇෆ්ගනිස්ථානයට තීරණාත්මක දෙවන විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වෙනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරග අද පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 04කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා (17) හැකියාව ලැබුණා.

අද තරගයේ දීත් බොහෝ දුරටත් පසුගිය ජයග්‍රාහී තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

ඇෆ්ගනිස්ථානයට තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අනිවාර්ය වනවා.

මේ අතර අද පැවැත්වෙන තරගයේ සහ ලබන 21 වනදා පැවැත්වෙන තුන්වන තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල ම අලෙවි වී අවසන් බව ක්‍රිකට් ආයතනය ඊයේ (18) දිනයේ නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15