AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයට තීරණාත්මක දෙවන විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වෙනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරග අද පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 04කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා (17) හැකියාව ලැබුණා.

අද තරගයේ දීත් බොහෝ දුරටත් පසුගිය ජයග්‍රාහී තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

ඇෆ්ගනිස්ථානයට තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අනිවාර්ය වනවා.

මේ අතර අද පැවැත්වෙන තරගයේ සහ ලබන 21 වනදා පැවැත්වෙන තුන්වන තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල ම අලෙවි වී අවසන් බව ක්‍රිකට් ආයතනය ඊයේ (18) දිනයේ නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?