ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඒ මෙරට පැවැත්වෙන පකිස්තාන – ඇෆ්ගනිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම සදහායි.

එක් දින තරගාවලියක් ලෙස සංවිධානය කර ඇති මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානයේ පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද , පසුව එම තීරණය වෙනස් කර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලියේ ,

08/22 සහ 08/24 දින වල තරග 02 ක් හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ත් ,

ඉතිරි තරගය 08/26 දින කොළඹ පැවැත්වීමටත් මේ වනවිට මෙම තරග සංවිධායකවරුන් සැළසුම් කර තිබෙනවා.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?