ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඒ මෙරට පැවැත්වෙන පකිස්තාන – ඇෆ්ගනිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම සදහායි.

එක් දින තරගාවලියක් ලෙස සංවිධානය කර ඇති මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානයේ පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද , පසුව එම තීරණය වෙනස් කර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තරග 03 කින් සමන්විත මෙම තරගාවලියේ ,

08/22 සහ 08/24 දින වල තරග 02 ක් හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ත් ,

ඉතිරි තරගය 08/26 දින කොළඹ පැවැත්වීමටත් මේ වනවිට මෙම තරග සංවිධායකවරුන් සැළසුම් කර තිබෙනවා.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.