spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගන් සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගයක් අද

ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව ඔවුනොවුන්ගේ මූලික වටයේ අවසන් තරගයට අද මුහුණදෙනවා.

ඒ අද පස්වරු 02ට අහමදාබාද් හි දියි.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ප්‍රබල දකුණු අප්‍රිකාව මෙතෙක් ක්‍රීඩා කළ තරග 08න් 06ක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 12ක් හිමිකරගනිමින්.

ඇෆ්ගනිස්ථානයට හිමි ව ඇත්තේ ප්‍රසාද ලකුණු පුවරුවේ හයවැනි ස්ථාන‍යේ යි.

ඒ පැවති තරග 08න් 04ක් ජය ගෙන ලකුණු 08ක් ලබා ගනිමින්.

එබැවින් ඉදිරි තරග සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයට බලාපොරොත්තුවක් යම් තාක් හෝ තබා ගත යුතු නම්; අද තරගය ජය ගත යුතු වනවා.

ඊට හේතුව වන්නේ මේ වනවිටත් අවසන් පූර්ව වටයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා තිබීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?