“Advantage Assam 2.0 – Investment and Infrastructure Summit 2025” – ආයෝජක සමුළුව, දෙදිනක් පුරා ගුවහාති දී සාර්ථකව පැවැත්වු බව ප්‍රාන්ත රජය පවසනවා.
මෙය ඇසෑම් රජය විසින් සිදු කරන ලද විශාලතම ආයෝජන ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීමේ මුලපිරීමයි.
ප්‍රාන්තයේ භූ උපාය මාර්ගික වාසි සහ ප්‍රධාන ආයෝජන ගමනාන්තයක් ලෙස එහි විභවය ඉස්මතු කිරීම සමුළුවේ අභිප්‍රාය වුණා.
ඇසෑම් ඉන්දියාවේ ඊසානදිග කලාපයේ උපායමාර්ගිකව පිහිටා ඇති අතර එය අග්නිදිග ආසියාවට දොරටුවක් ලෙස සංවර්ධනය කිරීම ඉන්දියාවේ අපේක්ෂාවයි.
සමුලුවේ පළමු දිනයේ දීම ක්ෂේත්‍ර 15කට අදාළව අවබෝධතා ගිවිසුම් 164ක් අත්සන් තබා ඇතැයි ප්‍රාන්ත මහ ඇමති Himanta Biswa Sarma නිවේදනය කළා.
ආයෝජන යෝජනාවල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 189කට අධිකයි.