AFC Banner
Empty Ad
Empty Ad

ඇස් රෝගයක් නිසා යටියන්තොට පාසලකත් පන්ති කිහිපයක් වැසේ

ඇස්වල හටගත් සංකූලතාවයක් හේතුවෙන් යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයයේ 5 ශ්‍රේණියේ පන්ති තුනක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම පාසැලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 13 දෙනෙකුට පමණ ඇස්වල හටගත් සංකූලතාවයක් හේතුවෙන් පන්ති තුනක සිසු සිසුවියන්ට නිවාඩු ලබාදී ඇති බවයි.

විදුහලේ විදුහල්පතිවරයා විසින් පළාත් බලධාරීන්ගේ අවසරය මත මෙම නිවාඩු ලබාදීම සිදුකර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් පාසැලට පැමිණ පරීක්ෂා කිරීම් සිදුකර අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත් සෙනවිරත්න මහතා සඳහන් කළේ.

මේ අතර කොටහේන ප්‍රදේශයේ පාසලක පන්ති කිහිපයක් ද මේවන විට මෙම රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දමා තිබෙනවා. එම විද්‍යාලයේ සිසුන් 40කට පමණ මෙම අක්ෂි රෝගය වැළඳී ඇති බවටයි වාර්තා වුණේ.

කලුතර ගල්පාත ප්‍රදේශයේ පාසලක ද අක්ෂි රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන් 5 ශ්‍රේණිය දින කිහිපයකට වසා දැමීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

සිසුන් කිහිප දෙනෙකුට පමණක් රෝගය වැළඳී තිබුණ ද අනෙක් සිසුන්ට ද එය ආසාදනය වුවහොත් ලබන ඉරිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමේ බාධා මතුවිය හැකි බැවින් මෙලෙස පන්ති වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර දරුවන් අතර පැතිර යන මෙම අක්ෂි රෝගය පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වැළකි සිටීමට මව්පියන් පියවර ගත යුතු බවද සෞඛ්‍ය අංශ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?