ඇස්ට්‍රා සෙනිකාට තිඹිරිගෙයින්ම රතු එළියක්

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පෙන්වාදෙනවා.

ඔවුන් පවසන්නේ වයස අවුරුදු 19 ත් 30ත් අතර ඛාණ්ඩයේ පසුවන්නන් සඳහා මෙම විකල්පය ආදේශ කළ යුතු බවයි.

මේ වනවිට බ්‍රිතාන්‍යයේ මිලියන 20කට අධික පිරිසක් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී ඇති අතර ඔවුන් අතරින් පුද්ගලයන් 79කට ලේ කැටිගැසීම සම්බන්ධ රෝගාබාධ මතුවුනා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙම තත්වය සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත සෘජුවම බලපා ඇති බවට කිසිදු සාක්ෂියක් නැති නමුත් මේ සඳහා එන්නත පසුබිම් විය හැකි බවට වන සාධක තහවුරු වෙමින් පවතින බවයි.

ලොවපුරා ව්‍යාප්තව ඇති කොවිඩ් 19 වසංගතය පාලන කිරීම සඳහා සියයට 90කට වැඩි ඵලදායිතා ප්‍රතිශතයක් පෙන්වූ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්යාඥයන් කණ්ඩායමක් විසින් එළිදැක්වූ ඇස්ට්‍රා සෙනිකා එන්නතට තිඹිරිගෙයින්ම සැකසංකා මතුවීම විශේෂ සිදුවීමක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් එන්නත් සහනාධාර ක්‍රමය යටතේ කොවිඩ් 19 රෝග ව්‍යාප්ති මර්ධනය සඳහා මෙරට ක්‍රියාත්මක වන්නේ ද ඇස්ට්‍රා සෙනිකා එන්නත්කරණයයි.

මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය පරිපාලන අධිකාරියේ නිලධාරීන් පවසන්නේ ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාගැනීමෙන් අනතුරුව යම් පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා,පපුවේ වේදනා, කකුල් ඉදිමීම, උදරාබාධ, බරපතළ හිසේ රුදාව, සහ එන්නත් කළ ප්‍රදේශය අවට සම රතු වීම සහ කැසීම සිදුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09