රාවණා ඇල්ල රක්ෂිතයට අයත් ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම් උදය කුමාරසඳහන් කළේ මේ වනවිට කඳු පන්තියේ ගල් නිරාවරණය වී ඇති බැවින් ගල් පහළට පෙරළීමේ අවදානමක් හටගෙන ඇති බවයි.
මෙම තත්ත්වයත් සමඟ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්ව රථවාහන ධාවනය කරන ලෙසයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
පෙරේදා (13) පස්වරුවේ ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් මෙම ගින්න නිවාදැමීමට දින දෙකක කාලයක් ගත වූ අතර, ඊට හමුදා අංශවල සහාය ද ලබාගැනීමට සිදුවුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1