ඇල්ල බස් අනතුරේ වාර්තාව සකසා අවසන් – වාර්තාව නුදුරේදීම ඇමති බිමල් අතට

පුද්ගලයින් 16 දෙනෙකුට මරු කැදවමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසන් විමර්ශන වාර්තාව සකසා අවසන් කර තිබෙනවා.

රථයේ තිරිංග පද්ධතියේ පැවති දෝෂය සහ රියදුරුට රථය පාලනය කිරිමට නොහැකි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ කමිටුව අනාවරණය කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ විමර්ශන වාර්තාව නුදුරේදීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක වෙත භාරදිමට නියමිතව බවයි වාර්තා වන්නේ..

පසුගිය 04 වනදා රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 16 දෙනකුට දිවී අහිමි වුණා.

එලෙස ජීවිතක්ෂයට පත් වුණේ විනෝද චාරිකාවකට එක්ව සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක්.

ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර බස් රථයේ රියදුරු ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?