AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටිය පුංචි ඡන්දයේ අපේක්ෂකයින්ගේ අවම වියදම ගැන ගැසට්ටුව ළඟදීම (වීඩියෝ)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට වියදම් කළ හැකි මුදල පිළිබද ගැසට් නිවේදනය ඉදිරි දිනක දී නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (14) දහවල් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත් අදහස් දක්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව පැවසුවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඊට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සහ මැතිවරණ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

එළඹෙන ඔක්තෝම්බර් මස 24 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?