AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඇරඹෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අද (26) පෙරවරු 7.00ට ආරම්භ වුණා.

2018 වර්ෂයේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සඳහා ඡන්දදායකයින් 55,643ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 48ක් ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

අද (26) උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම සිදුකරන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැපයීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 500කට වැඩි සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

ඊට අමතරව මෙම මැතිවරණයේ රාජකාරි කටයුතු වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යවක් යොදවා ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බව අප වාර්තාකරු සඳහන් කළා.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා නියෝජිතයින් 28 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් සමස්ථ අපේක්ෂකයින් 279 දෙනෙකු තරගයට එක්ව සිටිනවා.

මෙම ඡන්ද විමසීමේ දී ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල පාට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මේ අතර මෙම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අද (26) රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි මැතිවරණ බලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ වචනයකින් කාගෙවත් හිතක් රිද්දන්න හිතන්නවත් එපා
04:27
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43

?