ඇල්පිටියේ සිදුවූ රිය අනතුරින් සීයා, මුණුපුරා ,මිනිපිරි මියයයි

ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස් තවත් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

ඇල්පිටිය දෙස සිට අවිත්තාව දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථය අවිත්තාව දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් ලොරි රථයේ මුහුණ්ට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු තිබේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරුවන කාලිංග නිහාල් සෝමරත්න නැමැති 68 හැවිරිදි තිදරු පියෙක් සහ ඔහුගේ මුණුබුරා වන. තිනූල ප්‍රනාන්දු (10),මිණිබිරිය වන සෙනුලි ප්‍රනාන්දු (07), යන දරුවන්.

ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි මියගිය රියදුරුගේ බිරිඳ (61) ඔහුගේ දියණිය (35),යන දෙදෙනාද දැනට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
12
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?