යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඇල්පිටිය, කරන්දෙණිය, පතිරාජ මාවත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බවයි පොලිසිය පැවසුවේ.
මිලි මීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අද (26) උදෑසන 7.05ට පමණ වෙඩික්කරු නිවසටම පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි ඇල්පිටිය පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
1
+1
3
+1
+1





