ඇල්පිටියේ දී බස් රථයක යතුරුපැදියක් ගැටී මාරක අනතුරක්

ඇල්පිටිය – ඕමන්ත හංදිය ප්‍රදේශයේ අද (07) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස යතුරුපැදිය ගැටී ඇත්තේ ගාල්ලේ අද පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවට පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගිය යතුරුපැදිකරු 24 හැවිරිදි වියේ පසුවන ඕමත්ත, ගණේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (08) දිනයේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
4
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?