ඇල්පිටිය ප්රදේශයේ දී ගෙළ කපා තරුණියක් ඝාතනය කිරීමට අදාළ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (12) දිනයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධය සිදුකර පළාගොස් සැඟව සිටියදීයි.
කරන්දෙණිය, තල්ගහවත්ත ප්රදේශයේ පදිංචිව සිටි හංසිකා නදීෂානි නැමැති 17 හැවිරිදි තරුණිය ඝාතනය කර තිබුණේ ඇයගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා විසින්.
අත්අඩංගුවට ගැනුණු සුදේශ් ප්රියංකර නැමැති මෙම පුද්ගලයා සහ ඝාතනය ලක් වූ තරුණිය අතර අනියම් සම්බන්ධතාවක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි කරුණු හෙළි වුණේ.
සැකකරුගෙන් සිදුකළ කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති බැවින් ඝාතනය සිදුකළ බවයි.
සැකකාර මස්සිනා ත්රිරෝද රථයකින් පැමිණ අදාළ තරුණිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසු ඇල්පිටිය, තලාව ප්රදේශයේ තේ වත්තක තිබී පසුගිය 09 වනදා අදාළ තරුණියගේ සිරුර සොයාගත්තා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුව ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.




