ඇල්පිටියේ තරුණියගේ ඝාතකයා වූ මස්සිනා අල්ලයි

ඇල්පිටිය ප්‍රදේශයේ දී ගෙළ කපා තරුණියක් ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) දිනයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධය සිදුකර පළාගොස් සැඟව සිටියදීයි.

කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හංසිකා නදීෂානි නැමැති 17 හැවිරිදි තරුණිය ඝාතනය කර තිබුණේ ඇයගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා විසින්.

අත්අඩංගුවට ගැනුණු සුදේශ් ප්‍රියංකර නැමැති මෙම පුද්ගලයා සහ ඝාතනය ලක් වූ තරුණිය අතර අනියම් සම්බන්ධතාවක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි කරුණු හෙළි වුණේ.

සැකකරුගෙන් සිදුකළ කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති බැවින් ඝාතනය සිදුකළ බවයි.

සැකකාර මස්සිනා ත්‍රිරෝද රථයකින් පැමිණ අදාළ තරුණිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසු ඇල්පිටිය, තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී පසුගිය 09 වනදා අදාළ තරුණියගේ සිරුර සොයාගත්තා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුව ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
4
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40