ඇමෙරිකන් ඩොලර් 90,000ක් වටිනා අත්බෑගයක් රැගෙන බිරිඳෑවරියකගේ යෙහෙළියක් රට පනියි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන් පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 (ඩොලර් මිලියන 32) මුදල් වංචාවකට සම්බන්ධය යැයි චෝදනා ලැබ සිටින අතර, මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙන බව සඳහන් .

රටේ පවතින දේශපාලන කැළඹිලි මධ්‍යයේ දූෂණ චෝදනාවලට ලක්වීමෙන් පසුව ෆාරා ඛාන්, ඩුබායි බලා ගොස් ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 90,000 ක් වටිනා අත්බෑගයක් ද රැගෙන පෞද්ගලික ජෙට් යානයකින් බවයි සඳහන් වන්නේ

නිලධාරීන් මාරුකර යැවීමට සහ ඔවුන්ගේ තේරීම් අනුව තනතුරුවලට පත්කිරීම සඳහා අතිවිශාල මුදලක් ෆාරා ඛාන්ට ලැබුණු බවට පාකිස්ථානයේ විරෝධය එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බලයෙන් පහකළ අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය වන Maryam Nawaz කියා තිබෙන්නේ ඛාන් මෙම දූෂණය කර ඇත්තේ ඉම්රාන්ගේ සහ ඔහුගේ බිරිඳගේ අවශ්‍යතාවය මත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?