ඇමෙරිකන් එක්ස් එල් බුලි සුනඛයින් මහා බ්‍රිතාන්‍යයේ තහනම්

ඇමෙරිකන් එක්ස් එල් බුලි වර්ගයේ සුනඛයින් බ්‍රිතාන්‍ය තුළ තහනම් කිරීමට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මෙම වසරේ අවසානයේ සිට මහා බ්‍රිතාන්‍ය තුළ අදාළ සුනඛයින් තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම තහනමට අනුව ඇමෙරිකන් එක්ස් එල් බුලි වර්ගයේ සුනඛයින් අලුතින් ඇති කිරීම කළ නොහැකි අතර, මේ වනවිට ඇති කරන සුනඛයින් මරා දැමීමක් සිදුනොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමෙරිකන් එක්ස් එල් බුලි වර්ගයේ සුනඛයින්ගේ ප්‍රහාරයට ලක්ව බ්‍රිතාන්‍යයේ පුද්ගල මරණයක් වාර්තාවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ඇමරිකන් බුලි විශේෂිත අභිජනනයක් ලෙස එක්සත් ජනපදය පිළිගන්නා අතර, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සුනඛ සංගම් එය පිළිගැනීමක් සිදු කරන්න නැහැ.

එක්සත් රාජධානියේ ප්‍රචාරක කණ්ඩායමක් වන Bully Watchට අනුව, මෙම වර්ගයේ අභිජනනය එක්සත් රාජධානියේ 2014 හා 2015 දී පමණ දර්ශනය වූ අතර, කොරෝනා වසංගතය තුළ එම සංඛ්‍යා වේගයෙන් වර්ධනය වී තිබෙනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ මෙම තීරණයට ඇතැම් පිරිස් සිය අප්‍රසාදය පළ කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?