“ඇමැති ලන්සාට මෙහෙට එන්න කියන්න..වතුරේ ඔබලා ගන්නම්” – ජනතාවට යකා නගී

කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවන ස්ථාන ආශ්‍රිත නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.

පසුගිය දිනවල ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග ගම්පහ නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යට වුණා.

අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් තවමත් ජාඇල – කදාන සහ ජා ඇල – ගම්පහ මාර්ග ජලයෙන් යට වී තිබෙනවා.

ගම්පහ ජනතාව පෙන්වා දෙන්නේ කිසි දිනෙක බලනොපාන ලද මෙම ගංවතුර තත්ත්වය නිසා කුඹුරු ඉඩකඩම් දේපොළ ව්‍යාපාර සියල්ල විනාශයට පත්ව ඇති බවයි.

වෙළෙඳසැල්වල බඩුබාහිරාදිය සියල්ලක්ම පාහේ විනාශ වී ඇති ඇති අතර ලක්ෂ ගණනින් අලාභහානි සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගම්පහ, මගලේගොඩ ප්‍රදේශයේ දමා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ගෙන ආ පස් කඳු හේතුවෙන් ජලය බැස නොයන බව පවසමින් ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක් ද පැවැත්වීමට සූදානම් වුණා.

නමුත් පොලීසිය මැදිහත්ව එය වැළැක්වීමට පියවර ගත්තේ නිරෝධායන නීතිරීති කඩවන බව පවසමිනි.

දේවානි නිසා ගංවතුර

මේ අතර එම විරෝධතාවට පැමිණි කාන්තාවක් පවසා සිටියේ “මම බය නැතිව කියනවා නිමල් ලංසා. එයා කිව්වේ හයිවේ එකේ කිසිම කෙනෙකු යට වෙලා නෑ කිව්වා. ලංසාට මෙහාට එන්න කිව්වා නම් අපි වතුරේ ඔබලා හරි ගන්නවා. එච්චර වතුර මෙහෙ”

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට පෙරේදා (07) දින සහභාගී වෙමින් පැවසූවේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර ප්‍රදේශ ගංවතුරට යටවෙනවා කියන චෝදනාව යොමු වෙන්න ඕනේ එම සංවර්ධන ව්‍යපෘති සිදු කරගෙන යනකොට ඒවාට බාධා කරපු අයට හා මධ්‍යම අධිවේගයේ සැලසුම් වෙනස් කළ යහපාලන රජයට බවයි.

“මධ්‍යම අධිවේගී මාර්ගය නිසා සමහර පැති යට වෙනවා කියලා කියනවා. මේ වෙනකොට අධිවේගී මාර්ග පද්ධති හදපු කොහෙවත් යටවෙලා නැහැ. හැබැයි සමහර වැඩ පටන් ගත්තාම ඒවා කරගන්න බැරිවෙන්න ප්‍රායෝගිකව විවිධ බාධක දැම්මා. මධ්‍යම අධිවේගයේ ගම්පහ ප්‍රදේශයේ කෘඩියා සිලනිකා ගහේ ප්‍රශ්නය නොදැම්මනම් මේ වෙනකොට එම ප්‍රදේශයේ ඇල මාර්ග හාරලා, ඇල මාර්ග සංවර්ධනය කරලා අධිවේගී මාර්ගය ක්‍රමවත්ව හදන්න තිබුනා. හැබැයි ඒ බාධා කරපු අයට තමයි මේ ගංවතුර ප්‍රශ්නයට අදාළ චෝදනා යොමු වෙන්න ඕනේ. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ අධිවේගී මාර්ගය යන්න තිබුනේ කුලුනු මතින්. යහපාලනය ඇවිල්ලා ඒවා වෙනස් කළා. ඒ නිසා සමහර ප්‍රශ්න අපිට නිවැරදි කරගෙන යන්න සිදුවෙලා තියෙනවා.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

“අධිවේගී මාර්ග පද්ධති හදපු කොහෙවත් යටවෙලා නැහැ”යනුවෙන් ලාන්සා අමාත්‍යවරයා කළ ප්‍රකාශය ගැන ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත්වූ ජනතාව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?