ඇමැතිකමකට පක්ෂය දාලා ගිය ශාන්තට දයාසිරි යවපු ලියුම මෙන්න

රාජ්‍ය අමාත්‍ය ධූරයක් ගනිමින් ශ්‍රීලනිපයෙන් ඉවත් වූ ශාන්ත බණ්ඩාර මහතා හට පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය මෙසේය.

2022 අප්‍රේල් මස 12 වන දින

ශාන්ත බන්ඩාර මහතා (පා.ම),
සැවැන්දන,
මහරච්චිමුල්ල,
අලව්ව.

පක්ෂයේ සියළු තනතුරු වලින් ඉවත් කිරීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව පැවරි ඇති බලතල ප්‍රකාරව සහ එතුමාගේ උපදෙස් පරිදි මෙම ලිපිය එවමි.

ඔබ වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පක්ෂයේ උප ලේකම්, මධ්‍යම කාරක සභා සාමාජිකත්වය සහ යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක තනතුර ඇතුලු පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත්කල බවත්, ඉදිරි විනය කටයුතු පිළිබඳ පියවර ගැනීමටද තීන්දුකර ඇතිබවද මෙයින් දැනුම් දෙමි.

නිතීඥ දයාසිරි ජයසේකර ( පා.ම )
ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

පිටපත:

ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා – සභාපති විනය මණ්ඩලය – (අ.ක.ස)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?