spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාවේ සංචාරය නිමා කළ රන්ජන් රාමනායක දිවයිනට

ප්‍රවීන සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කරමින් අද අලුයම දිවයිනට ළඟා වී තිබෙනවා.

ඔහු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

රන්ජන් රාමනායක ඇමෙරිකාවේ සිට ඕමානය වෙත පැමිණ තිබූ අතර, අද අලුයම 04.50ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා..

“මම ඇමෙරිකාවේ ප්‍රසංග ගණනාවක් පවත්වමින් එරට සංචාරයක නිරත වුණා. මම ඒවායෙන් උපයා ගත් මුදල් වලින් අපේ රටේ දුප්පත් දරුවන් සදහා බෙදාදීමට ලැප්ටොප් පරිගණක තොගයක් මිලට ගත්තා. මීට අමතරව එරට කෝටිපතියන් පිරිසක් ද මට තවත් ලැප්ටොප් පරිගණක තොගයක් පරිත්‍යාග කිරීමට එකඟ වුණා. මීට අමතරව ඔවුන් මෙරට දුප්පත් දරුවන් සඳහා ඇදුම් විශාල තොගයක් ද මට පරිත්‍යාග කළා. ඒවා සියල්ල කන්ටේනර් කීපයක බහා මේ වනවිට ශ්‍රී ලංකාව බලා රැගෙන එමින් තිබෙනවා. මම දැන් බැදීම් වලින් තොර නිදහස් මිනිසෙක්. මෙම පරිත්‍යාගයන් දුප්පත් දරුවන් අතර බෙදා දෙමින් ඉදිරියේදී සමාජ සේවා කටයුතුවල නිරත වීමට බලාපොරොත්තු වෙනවා.”

https://youtu.be/Qia2-Zev1jw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?