ඇමරිකාවේ ගුවන් ගමන් 2000කට වැඩි ප්‍රමාණයක් අවලංගු වෙයි

එක්සත් ජනපදයට බලපෑම් එල්ලවූ කුණාටු තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 2,000කට වඩා අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර තවත් 2,400කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වීම් සිදුවී තිබෙනවා.

ශීත කුණාටුවකින් පසු මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් හේතුවෙන් මගීන් දහස් ගණනක් එක්සත් ජනපද ගුවන් තොටුපලවල අතරමං වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චිකාගෝ හි O’Hare ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් වලින් 60% ක් පමණ අවලංගු කර ඇතැයි සඳහන්.

බලපෑමට ලක් වූ අනෙකුත් ගුවන් තොටුපළවල් වන්නේ ඩෙන්වර් ඉන්ටර්නැෂනල් සහ මිල්වෞකි මිචෙල් ඉන්ටර්නැෂනල් (Denver International and Milwaukee Mitchell International)ය.

එපමණක් නොව, මෙම තත්ත්වය කලාපයේ විදුලි සැපයුමටද බලපා තිබෙනවා. කුණාටුව සමග දකුණේ දැඩි ගිගුරුම් සහිත වැසි, හිම කුණාටු තත්ත්වයන් සමඟ විදුලිය විසන්ධි වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සිකුරාදා උදෑසන වන විට Great Lakes සහ දකුණේ නිවාස ඇතුලු ව්‍යාපාර 250,000 කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබෙනවා. චිකාගෝ හි O’Hare ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව සුළඟ පැයට සැතපුම් 55ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

දකුණු ප්‍රදේශය හරහා ඇද හැලෙන දරුණු ගිගුරුම් සහිත වැසි නිසා Arkansas හි පැයට සැතපුම් 74ක් තරම් දැඩි සුළං වාර්තාවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?