Empty Ad
AFC Banner
Empty Ad

ඇමරිකාවෙන් රටවල් රැසකට සංචාරක සීමා

රටවල් රැසකට සංචාරක සීමා පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම්වන බව වාර්තා වනවා.

ඒ, අනුව කාණ්ඩ 03ක් යටතේ අදාළ සංචාරක සීමා පැනවීම් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස සංචාරක සීමා පැනවීම් සිදුකරන රටවල් අතරට රටවල් 41ක් ඇතුළත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ඇෆ්ගනිස්ථානය , කියුබාව, ඉරානය, ලිබියාව, උතුරු කොරියාව,සෝමාලියාව, සුඩානය, සිරියාව , වෙනිසියුලාව සහ යේමනය යන රටවලට සම්පූර්ණ වීසා අත්හිටුවීමක් සිදුකරන බවයි වාර්තා වන්නේ.

එරිත්‍රියාව, හයිටිය, ලාඕසය, මියන්මාරය සහ දකුණු සුඩානය යන රටවල් සඳහා අර්ධ වීසා අත්හිටුවීම යටතේ මෙම සංචාරක සීමා පැනවීමට නියමිතයි.

ඊට අමතරව පාකිස්ථානය, භූතානය, කාම්බෝජය, කැමරූන් සහ කොංගෝ ජනරජය ඇතුළු රටවල් 26ක් අර්ධ වීසා අත්හිටුවීම සඳහා නිර්දේශිත රටවල් ලෙස ලැයිස්තුගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?