Empty Ad
AFC Banner
Empty Ad

ඇමරිකාවට දැඩි ශීතල කාලගුණයක්

කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය පුරා මෙවර දැඩි ශීත කාලගුණික තත්ත්වයක් වාර්තාවී තිබෙනවා.

එරට කාලගුණික අංශ අනතුරු අගවා ඇත්තේ උෂ්ණත්වය පහත වැටීමෙන් විනාඩි කිහිපයක් තුල ජනතාවගේ සම මත හිම කැට ඇතිවිය හැකි බවයි.

මෙවර එම රටවලට දශක ගණනකට පසු උදාවන්නේ ශීතලම නත්තල් සමය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. කැනඩාව සහ ඇමරිකාව පුරා මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 9ක් වනු ඇති බවට අනාවැකි පළවී තිබෙනවා.

එමෙන්ම ප්‍රබල ආක්ටික් ශීත කුණාටුවකින් බලපෑම් එල්ලවිය හැකි බවටයි මිලියන 135 කට අධික ජනතාවකට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ප්‍රධාන ගුවන් තොටුපලවල ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර තිබෙනවා.

ඇමරිකා ජාතික කාලගුණ සේවය (NWS) පැවසුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මෙම සතිය අවසන් වන විට -50F (-45C) සහ -70F පමණ උෂ්ණත්වයක් පැවතිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?