ඇමරිකානු රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමු වී තිබෙනවා.

පෙර දැනුම්දීමකින් තොරව මෙම හමුව සිදුව ඇත්තේ පලස්තීනයට අයත් බටහිර ඉවුරේ රාමල්ලා නුවර දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්ලින්කන්, සන්නද්ධ රථ පෙළපාලියකින් දැඩි ආරක්ෂාව යටතේ රාමල්ලා වෙත පැමිණ තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තාකර තිබුණේ.

මෙම හමුවේ දී පලස්තීන ජනාධිපතිවරයා එහිදී ඉල්ලීම් කර ඇත්තේ ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කිරීම සඳහා සටන් විරාමයකට යා යුතු බවයි.

එහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා ඇත්තේ ඊශ්‍රායලය මේ මොහොතේ සටන් විරාමයකට නොයනු ඇති බවත්, එලෙස සටන් විරාමයකට ගියහොත් එය හමාස් සටන්කාමීන්ට හිස නැමීමක් බවයි.

හමාස් සටන්කාමීන් අඩපණ වී සිටින මේ මොහොතේ සටන් විරාමයකට ගියහොත් සටන්කාමීන් යළි ශක්තිමත් වනු ඇති බව අවධාරණය කර ඇති රාජ්‍ය ලේකම්වරයා ඔවුන් යළිත් වරක් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනු ඇති බවයි සඳහන් කර ඇත්තේ.

මානුෂීය හේතූන් සැළකිල්ලට ගනිමින් ගාසා හි පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීම කළ යුතු බව ද ඔහු පලස්තීන ජනාපධිති හමුවේ පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?