Empty Ad
Empty Ad
AFC Banner

ඇමරිකානු තානාපතිනිය යාපනයට (ඡායාරූප)

උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ වර්තමාන ජන ජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත් වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පවසනවා.

උතුරේ සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ද ලබාදෙන බව යි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (23) හමු වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළා.

පළාතේ වර්තමාන තත්වය පිළිබඳ ආණ්ඩුකාරවරිය විසින් තානාපතිවරිය දැනුවත් කළ අතර එහිදි නැවත පදිංචි කිරීම්, කෘෂිකාර්මික කටයුතු, ධීවර සහ සංචාරක කටයුතු ඇතුලු ජනතාවගේ පොදු යටිතල පහසුකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

යුද්ධය නිමාවීමෙන් පසුව ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා පසුගිය වසර කිහිපය තුල ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලා පිලිබඳව ආණ්ඩුකාරවරිය විසින් පෙන්වා දුන් අතර මෙහිදී තානාපතිනිය ප්‍රකාශ කළේ වර්තමානයේ උතුරු පළාතේ ජනතාවගේ දෛනික කටයුතු මෙන්ම සංවර්ධනය පිළිබඳව තමා සෑහීමකට පත්වන බවයි.

එමෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස දෙවන වරටත් පත්වීම පිළිබඳව තමන් සුභ පතන බව ද ඇමරිකා තානාපතිනිය පී.එස්.එම්. චාල්ස් මහත්මියට ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා තොත්ත බබාලා නෙවෙයිනේ - ආණ්ඩුවට වැලේ වැල් නැතිවෙන්නම දෙසයි
07:19
Video thumbnail
රටම කතා වුණු විවාහක රූ රැජිණ දෙවැනි ස්ථානය ලබාගත් පියුමි නිසංසලා කියන කතාව
16:20
Video thumbnail
Breaking News🛑බිමල් හදීසියේ වරායට කඩාපනී #breakingnews
08:34
Video thumbnail
දායක සභාව ටිපර් වෙනවා කිව්වට ඇත්තටම ටිපර් වෙන හැටි මෙන්න
07:30
Video thumbnail
කථානායක ගැන ඇහුවම වසන්තගෙ කට ලොක් වෙයි - අඳබාල විපක්ෂයට වසන්තගෙන් පිළිතුරු
04:27
Video thumbnail
වසන්ත සමරසිංහගෙන් විශේෂ හෙළිදරව්වක් - සහල් ප්‍රශ්නයට මෙන්න සුපිරි විසඳුමක්
07:22
Video thumbnail
පත් කරපු ජාතික ලැයිස්තුව ගැන මහ ලේකම් කට අරියි - හිරුණිකා ගැනත් කියයි
06:07
Video thumbnail
මේක දුෂ්කර සමයක් - අතීතයට දොස් කියන්නේ නෑ - අපි මේක බාරගන්නවා
13:15
Video thumbnail
සෞඛ්‍ය ඇමතිගේ අවධානය පිණිසයි - මේවා විසඳන්න වෙයි
12:45
Video thumbnail
කථානායකට බඩු පැකට් - අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා CIDයට පැමිණිල්ලක්
05:08

?